The best distance education platform in Sri Lanka

Art & Digital Media

ecampus කලා සහ ඩිජිටල් මාධ්‍ය අංශයේ පාඨමාලා - සාහිත්‍ය සහ නිර්මාණශීලි රචනය, නාට්‍ය, රූපවාහිනී සහ සිනමා තිර රචනය, සිනමා කැමරාකරණය, සංගීත සංයෝජනය සහ නිෂ්පාදනය - යන විෂය ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර මට්ටමේ භාවිත න්‍යායාත්මක දැනුම ලබාදීමේ සහ වෘත්තීමය කුසලතා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව සම්පාදනය කර ඇත. ecampus කලා සහ ඩිජිටල් මාධ්‍ය පාඨමාලාවල තිබෙන විශේෂත්වය වන්නේ මෙම අංශයට අයත් සියලු ම අධ්‍යයන පාඨමාලා කලාකරුවන් වශයෙන් අදාළ මාධ්‍ය හැසිරවීමට පදනම සපයන දාර්ශනික යොමුවීම් සඳහා අවශ්‍ය චින්තන පදනමත්, කෘතහස්තව මාධ්‍ය හැසිරවීමට අවශ්‍ය ශිල්පීය ඥානයත් සමානව ශිෂ්‍යාට ලබා දීමයි. ඒ අනුව මෙම පාඨමාලාවල ඉගැන්වීම් කටයුතු ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතුවල නියැලෙන න්‍යායවේදීන් සහ ප්‍රායෝගික ඵලපුරුද්ද සහිත වෘත්තිකයින්ගේ සංකලනයෙන් සැදුම්ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් සිදු කරනු ලබයි. ecampus කලා සහ ඩිජිටල් මාධ්‍ය පාඨමාලාවල ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය ද Student- friendly කාලසටහන් සහ ක්‍රමවේද යටතේ සිදුකරනු ලබයි. ඒ අනුව ecampus සමග එක්වීමෙන් pocket-friendly ආයෝජනයක් සහ නම්‍යශීලි ක්‍රමවේදයක් යටතේ ශිෂ්‍යාට පරිපූර්ණව න්‍යායික දැනුමත්, ප්‍රායෝගික කුසලතාවත් ඔප් නංවාගනිමින් කලා සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත්වීමේ සිය අරමුණ  පරිපූර්ණව ජයගත හැකිය.

©2024 eCampus.lk