The best distance education platform in Sri Lanka

Higher Education

නූතන උපාධි අධ්‍යාපනයේ දී විෂය ඥානය, එය ලබාගන්නා ක්‍රමවේදයෙන් වෙන් කොට හඳුනාගත නොහැක. ශිෂ්‍යා ලබාගන්නා අධ්‍යාපනයේ විශාරද බව, ගුණාත්මක බව හා නිර්මාණශීලි යෙදවුම් හැකියාව  අධ්‍යාපනය ලබන ක්‍රමවේදය හෙවත් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමය සමඟින් අත්‍යන්තයෙන් බැඳී තිබේ. මන්ද යත් නූතන උපාධි අධ්‍යාපනය හුදෙක් විෂය කරුණු ලබාදීමට පමණක් සීමා නොවී අපේක්ෂකයාගේ කාර්යක්ෂමතාව ඔප්නැංවීම, තරගකාරී රටාවට හුරුකරවීම යන ගුණාංග සම්පූර්ණ කිරීමට සමත් විය යුතු නිසාය. මෙම ගුණාංග ප්‍රථම උපාධි මට්ටමේ දී අවශ්‍යයෙන් ම සම්පූර්ණ කළ යුතු ගෝලීය නිර්දේශ බවට පත් වී තිබේ.

උපාධි අපේක්ෂකයා ශිෂ්‍යකු නොවී, ඔහු/ඇය විද්‍යාර්ථියෙකු වශයෙන් හඳුන්වන්නේ මේ නිසා ය. එනම්, හුදෙක් කරුණු කටපාඩමින් දන්නා තරමට සීමා නොවී පර්යේෂකයෙකු වශයෙන් ඉදිරියේදී MPhil, MSc, MBA, PhD මට්ටමේ පශ්චාත් උපාධි අවශ්‍යතා ද සම්පූර්ණ කරමින් විෂය ක්ෂේත්‍රයේ නවමානයන් පුළුල් කිරීමට ඔහු/ඇය සතුකරගන්නා විභවතාව නිසා ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විෂය ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් ගෙන් ද සැදුම්ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් සම්පත් දායකත්වය ලබාදීම මගින් පමණක් උපාධි මටිටමේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය පරිපූර්ණ කරගත හැකි ය. ‘න්‍යාය අවබෝධකර දීම න්‍යායධරයින් ගේ කාර්යයක්,’ යැ යි පවසන්නේ එහෙයිනි. එවන් දියුණු ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදයක් යටතේ ලබාගන්නා උපාධියකට පමණක් තමන්ගේත් රටේත් අනාගතය නිර්මාණය කළ හැකි වන්නේ ය. 

අප මේ ජීවත් වන්නේ ලෝකයේ උපාධි මට්ටමේ අධ්‍යාපනය සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය දක්වා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින යුගයක ය. POCKET-FRIENDLY INVESTMENT, FLEXIBLE STUDY HOURS and EASY ACCESSIBILITY යන අපගේ සුවිශේෂී ක්‍රමවේදය යටතේ දියණු ඉගෙනුම-ඉගැන්වීම් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ දුරස්ථ අධ්‍යාපන උපාධි අපේක්ෂකයින්ගේ සාඩම්බර උපාධිධරයෙකු බවට පත්වීමේ සිහිනය සම්පූර්ණ කර ගැනීම සඳහා ecampus අවකාශය නිර්මාණය කර දී ඇත.

.


Apply now


Apply now


Apply now


Apply now


Apply now
©2024 eCampus.lk