The best distance education platform in Sri Lanka

Kids Education

දරුවන් උදෙසා ලබාදෙන අධ්‍යාපනයේ මූලික අරමුණ නිරවද්‍ය විෂය දැනුම මෙන්ම දරුවාගේ පෞරුෂත්වය, පරිකල්පනය, ආකල්ප, කුසලතා, පෞද්ගලිකත්වය හා මනෝභාව යන ගුණාංග ද සංවර්ධනය කිරීමය. දරුවාට දීප්තිමත් අනාගතයක් උදාකරදීමට වැරදරන දෙමව්පියන්ගේ අභිලාශ සඵල කරගත හැක්කේ එවිටය. දරුවා අධ්‍යාපනය ලබන ආකාරය හෙවත් අධ්‍යාපනයේ අත්දැකීම දරුවාට හිමිවන ආකාරය මේ සඳහා බලපාන වැදගත්ම කරුණයි. සාහිත්‍යමය හෝ තාර්කිකමය හෝ භාෂාමය හෝ අධ්‍යාපනයක් ළමා මනසට ගෝචර කරවීමට දරන උත්සාහයකදී ශාරීරික ක්‍රියාකාරකම්, mindfulness, සෞඛ්‍ය සහ ප්‍රජාව යන කරුණු කෙරෙහි සැලකිලිමත් වීම බෙහෙවින් ම මනෝවිද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත බැව් ළමා මනෝවිද්‍යාවේදින්ගේ මතයයි. ලබා දෙන අධ්‍යාපනය ළමා මනසට පරිපූර්ණව ග්‍රහණය කරගත හැක්කේ එවිටය. එහි දී සිය පවුලේ අය සමඟ කාලය ගත කිරීම - සෙල්ලම් කිරීම, ගායනය, කියවීම, කතාන්දර ඇසීම  සහ කථා කිරීම - යන කාර්ය ද ඉතා වැදගත් වේ. කාර්යබහුල ජීවන රටාව තුළ දරුවන් ඇසුරේ මෙම ක්‍රියාකාරකම්හි නියැලීමට දෙමව්පියන්ට ඇත්තේ අවම ඉඩකඩකි. එහෙයින් කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන ලෙස නවීන ළමා අධ්‍යාපන ක්‍රමවේද යටතේ ධනාත්මක ආකල්පවලින්, දැනුමෙන් හා පෞරුෂයෙන් හෙබි කාලෝචිත දරුවෙකු බිහිකිරීමට සරිලන ළමා අධ්‍යාපනයක් ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත සැපයීම ecampus අපගේ අපේක්ෂාවයි. ecampus ළමයින් උදෙසා සකසා ඇති සියලු පාඨමාලාවල සැලසුම් සහ ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන්නේ මෙම දාර්ශනික මුහුණුවරහි පිහිටා බව ආභිමානයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමු.

.


Apply now


Apply now
©2024 eCampus.lk