The best distance education platform in Sri Lanka

Language

තරගකාරී නූතන ලෝකය තුළ බහු-භාෂික සන්නිවේදන කුසලතාව යනු පුද්ගල පෞරුෂයේ ඉතා වැදගත් ම අංශය යි. එය විශ්ව දැනුම උකහා ගෙන සාර්ථක අධ්‍යාපනික, වෘත්තීමය, ව්‍යාපාරික සහ ජීවන යහ-පැවැත්මක් ගොඩනගා ගැනීම උදෙසා ද බෙහෙවින් ඉවහල් වෙයි. එක් භාෂාවකින් පමණක් ජීවත් වූ පැරණි ලෝකය මෙන් නොව ගෝලීයකරණය වූ නූතන තරගකාරී ලෝකයේ පුද්ගලයාගේ පෞරුෂය මැන බැලෙන්නේ භාෂා කිහිපයක් එක සේ හැසිරවීමට ඇති කෘතහස්ත බව අනුවය. එහෙයින් අප ජීවත් වන මෙම යුගය තුළ බහු-භාෂික ප්‍රවීනයෙකු බවට පත්වී නූතන ලෝකයට සරිලන පෞරුෂයක් ගොඩනගා ගැනීමේ අපේක්ෂාවක් සෑම දෙනා තුළ ම ඇත. බහු-භාෂික ප්‍රවීනයෙකු බවට පත් වී, කෘතහස්ත සන්නිවේදන කුසලතාවක් ඇතිකර ගැනීමට නම් යම් භාෂාවක් පිළිබඳ විශාරද ඥානය ඉතා කෙටි කලක් තුළ සපුරාගැනීමට සමත් විය යුතු ය. ඉතා කෙටි කලක් තුළ යම් භාෂාවක් පිළිබඳ විශාරද ඥානයක් ලබාගැනීමට නම් එම භාෂාවේ ව්‍යාකරණ රීති, ශබ්ද සහ සුවිශේෂී යෙදුම් ඉන්ද්‍රීය ගුණයක් වශයෙන් හුරුකරගත යුතු ය.  ecampus ඉංග්‍රීසි, දමිළ, හින්දි, ප්‍රංශ, චීන සහ කොරියානු යන ජාත්‍යන්තර භාෂා පාඨමාලා සහ ඒවායේ විෂය නිර්දේශ, ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය ද සකසා තිබෙන්නේ මෙම ඕනෑ ම  භාෂාවක් පිළිබඳ විශාරද ඥානයක් ඉතා කෙටි කලක් තුළ සපුරාගැනීමට හැකි වන පරිදි ය.

.


Apply now


Apply now


Apply now


Apply now

.


Apply now

Apply now
©2024 eCampus.lk